Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියක්

පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියක්

පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියක්

පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර විස්සයි විස්ස තරග ආකෘතිය යටතේ තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට සැලසුම්කර තිබේ.

පාකිස්ථානය විසින් මෙම තරගාවලියේ සත්කාරකත්වය දැරීමට නියමිතව ඇත.

එළඹෙන නොවැම්බර් 17 වනදා ආරම්භවන මෙම තුන්කොන් තරගාවලිය පාකිස්ථානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේ සහ ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගනය යන ක්‍රීඩාංගන දෙකේදී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙම තරගාවලියේ දී සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් සමඟ අවස්ථා දෙකක දී එකිනෙකා මුණගැසෙන අතර, අවසානයේ ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන ඇති කණ්ඩායම් දෙක අවසන් මහා තරගය වෙනුවෙන් සුදුසුකම් ලබනවා.

තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් 29 වනදා ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Exit mobile version