Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සංචාරක සංවර්ධනය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්

සංචාරක සංවර්ධනය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්

සංචාරක සංවර්ධනය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්

මෙරට සංචාරක සංවර්ධන කටයුතු වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා, ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සාමාජිකයින් 28 දෙනෙකුගෙන් යුත් එම ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිත්වය දරන්නේ, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යවරයායි.

සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා එහි උප සභාපතිත්වය දරනවා.

ජනාධිපතිවරයා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ , දැක්වුණේ එම කාර්ය සභාවේ ලේකම් ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා, හා සංචාරක අමාත්‍යංශයේ ලේකම් පත්කර ඇති බවයි.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව – නව්‍ය සංචාරක කර්මාන්තයක් අකර්ශනීය ගමනාන්තයක් – යටතේ පොහොසත් රටක් නිර්මාණය කිරීමේදී සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය සඳහා ඒ ආශ්‍රිතව සිදුකරනු ලබන ක්‍රියාකාරකම් මගින් මහජනතාවගේ අභිලාශ හා අපේක්ෂා කඩිනමින් ළඟා කරදීමේ අවශ්‍යතාව වර්තමාන රජයේ ප්‍රමුඛ අවධානයට ලක්ව ඇති බව එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ, වඩාත් පහසු හා කඩිනමින් විදේශ විනිමය ඉපැයීමේ හැකියාව ඇති සංචාරක කර්මාන්තයේ වර්ධනය වෙනුවෙන් උපාය මාර්ගික වැඩපිළිවෙළක් නිවැරදි ආකාරයෙන්, කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනා ගෙන ඇති හෙයින් මෙරට සංචාරක සංවර්ධන කටයුතු වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වන එම ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කළ බවයි.

Exit mobile version