ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ව්‍යාපෘති 4ක් සඳහා සිංගප්පූරු රජය අමෙරිකානු ඩොලර් බිලියන 4ක ආයෝජන සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගියදා ඉන්දියාවේ සංචාරයකට එක්වූ සිංගප්පූරුවේ උප අගමැති ගැන් කිම් යොං ඇතුළු නියෝජිත කණ්ඩායම එම ආයෝජන සඳහා එකඟතාව පළ කර ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. සිංගප්පූරු ප්‍රවාහන ඇමැති ජෙෆ්රි සියොව් ඇතුළු කණ්ඩායම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නව නගරයේ වරායේ බහලුම් පර්යන්ත දෙවැනි අදියර ඇතුළු ආයෝජන ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකාවකටද එක්වී ඇති අතර, එම අයෝජනය සිදු කිරීමට එකඟතාව පළ කර ඇත්තේ නවදිල්ලි නුවර පැවැති ඉන්දීය – සිංගප්පූරු අමාත්‍ය මට්ටමේ සාකච්ඡා මාලාවේ තුන්වැනි වටයේ සාකච්ඡාවේදී බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
සිංගප්පූරු සහ ඉන්දියාවේ අමාත්‍යවරුන් අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව සාකච්ඡා කිරීමට සහ අන්‍යොන්‍ය අවබෝධය ඉහළ නැංවීම අරමුණු කරමින් එම සාකච්ඡා මාලාව 2022 සැප්තැම්බර් මස පළමුවරට ආරම්භ කර ඇති අතර, එහි දෙවැනි වටයේ සාකච්ඡාව පසුගිය වසරේදී සිංගප්පූරුවේ පැවැති බව වාර්තා වේ.