Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

Formula 3 සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා යෙවාන් ඩේවිඩ්

Formula 3 සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා යෙවාන් ඩේවිඩ්

Formula 3 සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා යෙවාන් ඩේවිඩ්

2026 FIA Formula 3 තරග වාරය සඳහා සුදුසුකම් ලැබූ පළමු ලාංකිකයා බවට පත්වීමට යෙවාන් ඩේවිඩ් සමත්ව තිබේ.

ඒ, AIX රේසිං කණ්ඩායම සමග ඔහු ලබන වසරේ තරගාවලිය සඳහා අත්සන් කිරීමත් සමඟයි.

ඔහු මේ වනවිට යුරෝෆෝමියුලා විවෘත ශූරතාවලියට තරගවදින අතර, එහිදී මේ දක්වා ජයග්‍රහණ හතරකට හිමිකම් කියනු ලැබේ.

ඔහු අගෝස්තු මස මුලදී GB3 හි හොඳම 10 දෙනා අතරට පැමිණීමටද සමත් විය.

ඊට පෙර, ඔහු 2024 වසරේදී යුරෝකප්-3, ස්පාඤ්ඤ F4 සහ UAE F4 ශූරතා සඳහා ද තරග කර තිබේ.

F3 අදියරට උසස්වීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු පැවසුවේ, තම රටෙන් ශූරතාවලියට තරග කරන පළමු රියදුරු වීම ගැන ආඩම්බර වන බවත්, අවස්ථාව ලැබීම ගැන කෘතඥ වන බවත්ය.

Exit mobile version