Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විමල් වීරවංශට කාදිනල් හිමිගෙන් එන්තරවාසියක්

විමල් වීරවංශට කාදිනල් හිමිගෙන් එන්තරවාසියක්

විමල් වීරවංශට කාදිනල් හිමිගෙන් එන්තරවාසියක්

විමල් වීරවංශ විසින් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයක් නිවැරදි කරන ලෙස ඉල්ලා එන්තර වාසියක් යොමු කරන බව අද දින (06) පැවැති මාධ්‍ය හමුවකදී කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් පවසයි.

අගරදගුරු නිල නිවසේ පැවති මෙම මාධ්‍ය හමුවේදී සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළේ විමල් වීරවංශ විසින් පෞද්ගලික රූපවාහිනී සාකච්ඡාවකදී සිදු කළ ප්‍රකාශයක් සහ එම කරුණු උපුටා දක්වමින් වෙබ් පුවත් අඩවියක වාර්තා කර තිබූ කරුණු සම්බන්ධයෙන් මෙලෙස එන්තර වාසි යොමු කර මින් එම අසත්‍ය ප්‍රකාශය නිවැරදි කරන ලෙස දැනුම් දෙන බවයි.

ඉතිහාසයේ පළමු වතාවට පාස්කු ප්‍රහාර සිදු වූ දිනයේ දී කාදිනල් හිමියන් පාස්කු ඉරිදා උදෑසන දේව මෙහෙයට සහභාගී නොවූ බවත්, ඊට පෙර වසරවලදී මෙම දේව මෙහෙයට සහභාගී වී තිබූ බවත් විමල් වීරවංශ මහතා පවසා ඇත. එසේම 2019 වසරට පසුවත් පැවැති පාස්කු ඉරිදා උදෑසන දේව මෙහෙයන්ට සහභාගී වී ඇති බවත් කාදිනල් හිමියන් සම්බන්ධයෙන් සදහන් කර ඇති බව වාර්තා වේ.

මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම හරහා විමල් වීරවංශ විසින් අදහස් කරනුයේ, කාදිනල් හිමියන් පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව කලින් දැන සිටි බවට හැඟවෙන අර්ථයක් තිබෙන බවට සැකයක් ඇතැයි සිරිල් ගාමිණී පියතුමා පෙන්වා දෙයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් සිරිල් ගාමිනී පියතුමා සඳහන් කර සිටියේ සෑම පාස්කු ඉරිදා දේව මෙහෙයකදීම කාදිනල් හිමියන් පාස්කු ඉරිදාට පෙර දින මධ්‍යම රාත්‍රියේ දිව්‍ය පූජාව පවත්වන බවත් 2019 වසරේදීද එලෙසම මධ්‍යම රාත්‍රියේ දී කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී දිව්‍ය පූජාව පැවැත්වූ බවත්ය. මේ බව සඳහන් කරමින් සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කළේ විමල් වීරවංශගේ ප්‍රකාශය අසත්‍ය බවයි.
එහිදී පියතුමන් සඳහන් කළේ,

මේ විදිහේ හිතා මතා මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම වගකිම් විරහිත දෙයක්, ඒ නිසා වගකිවයුතු පුද්ගලයෙකු හැටියට සහ ඒ වගේම අපි කවුරුත් මේ රටේ මිනිසුන් හැටියට අපිට තියෙන මූලික අයිතිවාසිකමක් හැටියට අපිට ලබා දී තිබෙන ප්‍රකාශනයේ නිදහස බොහොම වගකීමෙන් පාවිච්චි කරන්න ඕන. ඒක මේ රටේ හැම කෙනෙක්ම හිතට ගන්න ඕන වගේම මාධ්‍ය නිදහස කියන්නෙත් හැම දෙයක්ම ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීම නෙමෙයි. මාධ්‍යයෙනුත් ප්‍රකාශ වෙන්න ඕන සත්‍යය. හැම මනුෂ්‍යයෙක්ම ප්‍රකාශ කරන්න ඕන සත්‍යය.

Exit mobile version