Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව සීමා නිර්ණය කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

නව සීමා නිර්ණය කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

නව සීමා නිර්ණය කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

2012 හා 2021 වර්ෂයන්හි පැවති සීමා නිර්ණය කමිටු නිර්දේශයන් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නව සීමා නිර්ණය කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙයි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ග්‍රාම නිලධාරි වසම් පිහිටුවීම සහ ප්‍රතිශෝධනය කිරීම සඳහා 2012 වර්ෂයේදී සීමා නිර්ණය කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුවේ ඇතැම් නිර්දේශ පමණක් ක්‍රියාත්මක කිරීම පිණිස පියවර ගනු ලැබ ඇත.

ඉන් අනතුරුව, 2021 වර්ෂයේදී නැවත සීමා නිර්ණය කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුවේ නිර්දේශ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත.

එකී කමිටු වාර්තාවේ නිර්දේශ අදාළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වෙත ඉදිරිපත් කර එම කමිටුවල නිර්දේශ ලබා ගැනීමටත්, එකී නිර්දේශයන් සමාලෝචනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා නව සීමා නිර්ණය කමිටුවක් පත් කිරීම සඳහාත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කෙරිණි.

Exit mobile version