Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇමරිකාවේ කර්මාන්තවලින් 25%ක ඉදිරිදැක්ම “දරුණු මට්ටමක්” දක්වා පහතට

නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන් සහිත රටවල් දැඩි මූල්‍ය හා ආර්ථික අර්බුදයකට - ෆිච් රේටින්ග්ස්

නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන් සහිත රටවල් දැඩි මූල්‍ය හා ආර්ථික අර්බුදයකට - ෆිච් රේටින්ග්ස්

ප්‍රතිපත්තිමය අවදානම් හේතුවෙන් ඇමරිකාවේ ණය දැක්මට අයහපත් බලපෑම් එල්ල වී ඇති බව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings ආයතනය ඊයේ (21) ප්‍රකාශ කළේය.

එම ආයතනය සිය වසර මැද වාර්තාව තුළ 2025 වසරේ ඇමරිකාවේ කර්මාන්තවලින් සියයට 25ක ඉදිරිදැක්ම“දරුණු මට්ටමක්” දක්වා පහත දමා ඇත. අවිනිශ්චිතභාවය වැඩි වීම, මන්දගාමී ආර්ථික වර්ධනය සහ පොලී අනුපාත දිගු කාලයක් පුරා ඉහළ මට්ටමක පැවතීම ඊට හේතු වූ බවද එහිදී සඳහන් කෙරිණ.

එමෙන්ම මෑතකදී බදු හා අයවැය පිළිබඳ කෙටුම්පත් සම්මත කිරීම හරහා ඇමරිකානු මූල්‍ය ඉදිරිදැක්ම දිගු කාලීන අභියෝගයන්ට මුහුණ දීම පිළිබිඹු වන බව Fitch Ratings ආයතනය පැවසීය. බදු පනත් කෙටුම්පත හා ඊට පෙර ඇමරිකාව යොදා ගත් බදු අඩු කිරීම් දීර්ඝ කිරීම යන පියවර එකතු වී ඇමරිකානු රජයේ සමස්ත අයවැය හිඟය දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 7කට අධික මට්ටමක පැවතිය හැකිය. එසේම 2029 වසරේ ඇමරිකානු රජයේ ණය හා දල දේශීය නිෂ්පාදනය අතර අනුපාතය සියයට 135ක් දක්වා ඉහළ නැංවෙනු ඇති බවද Fitch Ratings ආයතනය තවදුරටත් හෙළි කර ඇත.

Exit mobile version