Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ සංවර්ධන කටයුතු රැසක් ජනතා අයිතියට

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ සංවර්ධන කටයුතු රැසක් ජනතා අයිතියට

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ සංවර්ධන කටයුතු රැසක් ජනතා අයිතියට

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ අලුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 200ක පමණ වටිනාකමකින් යුත් අතිනවීන CT Scan යන්ත්‍රය ජනතා අයිතියටපත් කිරීම, වෛද්‍ය සායනය සහ 38 වාට්ටුවද විවෘත කිරීම ඊයේ දිනයේ (20) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළේය.

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ස්ථාපිත කර තිබූ CT Scan යන්ත්‍රය වසර 20ක් පමණ පැරණි යන්ත්‍රයකි.

දිනකට CT Scan පරීක්ෂණ 20 ක පමණ අවශ්‍යතාවයක් ඇති නාගොඩ රෝහලේ පැරණි CT Scan යන්ත්‍රය දැනට වසර 02ක පමණ කාලයක සිට අක්‍රීය තත්ත්වයේ පැවැතිණි. කළුතර දිස්ත්‍රික්කයටම CT Scan පරීක්ෂණ සිදු කර ගැනීම සදහා පහසුකම් ඇත්‌තේ කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ සහ හොරණ රෝහලේ පමණක් වීමද විශේෂත්වයකි.

එමෙන්ම නව ඖෂධ ගබඩාවද විවෘත කළ අතර මෙම ඖෂධ ගබඩාව වෛද්‍ය නිල නිවාසක් අළුත්වැඩියා කර සකස් කරන ලද ගොඩනැගිල්ලක පිහිටුවීම විශේෂත්වයකි.

කළුතර ගල්අස්ස ළමා හා මාතෘ රෝහල සඳහා යෝජිත නව පිවිසුම් මාර්ගයද විවෘත කෙරිණි.

Exit mobile version