Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක බැංකුව ගෝලීය ආර්ථික පුරෝකථනය පහළ දමයි

2024 යල කන්නයට අදාළ සියලුම වගා වන්දි ගෙවා අවසන්

2024 යල කන්නයට අදාළ සියලුම වගා වන්දි ගෙවා අවසන්

ලෝක බැංකුව ගෝලීය ආර්ථික පුරෝකථනය පහළ දමයි. වෙළඳ උණුසුම් තත්ත්වයන් හා ප්‍රතිපත්ති අස්ථිරභාවයන් ඊට හේතුවී තිබේ.

සියලු කලාපයන්හි සියලු ආර්ථිකවල සහ ආදායම් කණ්ඩායම් සියයට 70ක පමණ ආර්ථික වර්ධනයේ පහළ යාමක් සිදුවනු ඇති බව ලෝක බැංකුවේ පුරෝකථනය වී තිබේ.

ලෝක බැංකුව විසින් පසුගිය සඳුදා දින (10) නිකුත් කළ වාර්තාවට අනුව ගෝලීය ආර්ථික වර්ධනය සියයට 2.7 සිට සියයට 2.3ක් දක්වා පහළ දමා ඇති අතර 2026 වසරේ ආර්ථික වර්ධනය සියයට 2.7 සිට සියයට 2.4ක් දක්වා පහළ දමා තිබේ.

මෙම වසරේ උසස් ආර්ථිකයන්හි වර්ධන අපේක්ෂාවද සියයට 1.7 සිට සියයට 1.2ක් දක්වා අඩු කර ඇත. වර්ධනය වෙමින් පවතින‍ වෙළඳපොල සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි වර්ධනයද සියයට 0.3කින් පහළ දමා ඇති අතර නව වර්ධන අපේක්ෂාව සියයට 3.8කි. ඇමරිකානු ආර්ථිකය පිළිබඳ අපේක්ෂාවද සියයට 0.9කින් පහළ දමා තිබේ.

ගෝලීය ආර්ථිකය යළි වරක් කුණාටු තත්ත්වයකට ප්‍රවේශ වී ඇතැයිද එම වාර්තාව සඳහන් කරයි.

Exit mobile version