Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසර 108කට පසු අමෙරිකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහළට

ඒ වසර 108කට පසු අමෙරිකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහළට

ඒ වසර 108කට පසු අමෙරිකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහළට

මුඩීස් ණය ආයතනය විසින් එක්සත් ජනපද ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම පහත දමා තිබෙනවා.

ඒ වසර 108කට පසුවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මූඩීස් ආයතනය පසුගිය සිකුරාදා දින (16) සිට ඇමරිකාවේ ණය ශ්‍රේණිගත කිරීම AAA (ත්‍රිපල් ඒ) මට්ටමේ සිට Aa1 දක්වා එක් මට්ටමකින් පහළ දමා ඇති බවයි.

පසුගිය දශකයක කාලය තුළ කැපී පෙනන ලෙස අමෙරිකාවේ රාජ්‍ය ණය ඉහළ යාම එලෙස ණය ශ්‍රේණිගත කිරීම පහත දැමීමට හේතු වූ බව මූඩිස් ආයතනය පැවසුවා.

මේ වනවිට රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 36ක්.

1917 වසරේ සිට එක්සත් ජනපද ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ඉහළම මට්ටම හෙවත් AAA (ත්‍රිපල් ඒ)මට්ටමේ රඳවා තැබීමට මූඩීස් ණය ආයතනය විසින් කටයුතු කර තිබුණා.

මීට පෙර ෆිච් රේටින්ග්ස් සමාගම 2023 වසරේදී සහ එස් ඇන්ඩ් පී ග්ලෝබල් සමාගම 2011 වසරේදී අමෙරිකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමීමට කටයුතු කළා.

මූඩීස් යනු ණය ගැතියන්ගේ සුදුසුකම් ශ්‍රේණිගත කරන ජාත්‍යන්තර ආයතනයක් වේ.

Exit mobile version