Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ප්‍රමිතියෙන් තොර පොහොර ගොවීන්ට අලෙවි කල 12 දෙනෙකු රිමාන්ඩ්

රු.කෝටි 74කට අධික විදෙස් රැකියා වංචා කළ විදෙස් රැකියා ආයතන හිමිකරු රිමාන්ඩ්

රු.කෝටි 74කට අධික විදෙස් රැකියා වංචා කළ විදෙස් රැකියා ආයතන හිමිකරු රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර පොහොර ගොවීන්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරත 12 දෙනෙකු දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

පොළොන්නරුව සිරි පුර ගබඩාවක තිබී පොහොර මිටි 1565ක් පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය භාරයට ගෙන තිබුණි.

පොලිසිය සඳහන් කළේ, එම පොහොර CIC කවරවල බහා රුපියල් රුපියල් 12,000 කට පමණ අළෙවි කර ඇති බවයි.

දෙහිඅත්තකණ්ඩිය, සිරිපුර, හිඟුරන්ගොඩ, වැලිකන්ද සහ පොළොන්නරුවේ ගොවීන් එම පොහොර මිලදි ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

එම පොහොර යෙදූ ගොවිබිම්, දැන් කහ පැහැ ගැන්වී ඇති බව පොලිසිය නිරික්ෂණය කර ඇති අතර පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

Exit mobile version