Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිටපු ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රිවරු පිරිසක් ගැන නලින්දගෙන් අනාවරණයක්

හිටපු ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රිවරු පිරිසක් ගැන නලින්දගෙන් අනාවරණයක්

හිටපු ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රිවරු පිරිසක් ගැන නලින්දගෙන් අනාවරණයක්

2022 අරගල සමයේ ගිනි තැබීම්වලින් තම නිවාසවලට වූ දේපොළ හානි සඳහා හිටපු ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රිවරු 92 දෙනෙක්ද රුපියල් කෝටි 62ක් ලබාගෙන ඇතැයි අද දින (03) අනාවරණය කෙරුණි.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම හෙළිදරව්ව කළේ අද දින (03) පස්වරුවේ හොරණ, ගෝනපොළ ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

2022 අරගල සමයේ මැයි 9 වැනිදා සිදුවූ ගිනි තැබීම්වලින් නිවාසවලට වු දේපොළ හානි වෙනුවෙන් වන්දි ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය පෙබරවාරි 06 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එම වාර්තාවට අනුව මැති ඇමතිවරු 43 දෙනෙකු සඳහා වන්දි මුදල් ලෙස රුපියල් කෝටි 122ක් ලබා දී තිබුණි.

Exit mobile version