Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාකිස්ථානයට ඕනෑම මොහොතක පහර දීමට සූදානම් – ඉන්දීය නාවික හමුදාව

පාකිස්ථානයට ඕනෑම මොහොතක පහර දීමට සූදානම් – ඉන්දීය නාවික හමුදාව

පාකිස්ථානයට ඕනෑම මොහොතක පහර දීමට සූදානම් – ඉන්දීය නාවික හමුදාව

පාකිස්ථානයට ඕනෑම මොහොතක පහර දීමට සූදානම් බව ඉන්දීය නාවික හමුදාව X පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

පසුගියදා කාෂ්මීරයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුද උණුසුමක් වර්ධනය වෙමින් තිබෙනවා.

ඉන්දීය අයි.එන්.එස්.කොල්කටා විනාශකාරී නෞකාව, ඩුර්ව් උසස් සැහැල්ලු හෙලිකොප්ටරය, ස්කෝපිනේ වර්ගයේ සබ්මැරීනය ඉන්දීය නාවික බලවේ ත්‍රිශූලය ලෙස ඉන්දීය නාවික හමුදාව පෙන්වා දී තිබෙනවා.

ත්‍රස්තවාදයට එරෙහි සටනේදී මුළු ලෝකයම කෝටි එකසිය හතලිහක ජනතාවක් ඉන්දියානුවන් සමග සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දී තිබෙනවා.

මෙම ප්‍රහාරයේ වැරදිකරුවන්ට හා කුමන්ත්‍රණකරුවන්ට දරුණුතුම ප්‍රතිචාරය දැක්වීමට ඉන්දියාව සූදානම් බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

පසුගියදා ඉන්දීය යුද නැව් අරාබි මුහුදේ පුහුණු ප්‍රහාරද සිදු කර තිබෙනවා.

ඉන්දීය නාවික හමුදාව X පණිවුඩයේ සඳහන් කර ඇත්තේ ඕනෑම මොහොතක සතුරු බලවේගවලට මුහුදෙන් පහරදීමට සීරුවෙන් සිටින බවයි.

Exit mobile version