Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් පහළට

ඉරාන යුද්ධය අවසන් වීමට ආසන්නයි – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඉරාන යුද්ධය අවසන් වීමට ආසන්නයි – ඩොනල්ඩ් ට්‍රම්ප්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් පහළ බැස ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය මේ වන විට 43%ක් දක්වා පහළ බැස ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙතරම් පහළ අගයකට ඔහුගේ ජනප්‍රියත්වය ඇද වැටුනු පළමු අවස්ථාවද මෙය වනවා.

තීරු බදු පැනවීම ප්‍රමාණය ඉක්මවා යමින් සිදු කිරීම ජනප්‍රියත්වය පහළ වැටීමට ප්‍රධානම හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වයේ ඉහළම අගය 49%ක් ලෙස 2017 වසරේ ජනවාරි මාසයේදී සටහන් වූ අතර 2017 වසරේ දෙසැම්බර් මාසයේදී එහි අවම අ‍ගය වන සියයට 33 සටහන් වූවා.

Exit mobile version