Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

EPF ආයෝජනය කළ කෝටි 2179ක් වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් ලැබී නෑ – ජාතික විගණන කාර්යාලය

EPF ආයෝජනය කළ කෝටි 2179ක් වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් ලැබී නෑ - ජාතික විගණන කාර්යාලය

EPF ආයෝජනය කළ කෝටි 2179ක් වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් ලැබී නෑ - ජාතික විගණන කාර්යාලය

සේවක අර්ථසාධක අරමුදල, විවිධ සමාගම්වල ආයෝජනය කළ රුපියල් මිලියන 21,791.88ක මුදලක් (කෝටි 2179) වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

2023 දෙසැම්බර් 31 දිනට අරමුදලේ ලැයිස්තුගත සමාගම් 15ක රුපියල් මිලියන 17401.39 වූ සාමාන්‍ය කොටස් ආයෝජන සඳහා 2023 වර්ෂයේදීද, ලැයිස්තුගත සමාගම් 9ක් රුපියල් මිලියන 4,390.49ක් වූ සාමාන්‍ය කොටස්වල ආයෝජන සඳහා 2019 වර්ෂයේ සිටද මෙලෙස ප්‍රතිලාභ ලැබී නොතිබුණු බව එම වාර්තාවේ සඳහන් වේ.

ලැයිස්තුගත නොවූ සමාගම්වල කොටස් ආයෝජනයෙන් රුපියල් මිලියන 5000ක් 2013 වර්ෂයේදී පෞද්ගලික සමාගමක ආයෝජනය කර තිබිණි. එම සමාගම යටතේ ඉදිකිරීමට නියමිත වූ කොළඹ ග්‍රෑන්ඩ් හයි හොටේල් (grand hight hotels) සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු 2021 දෙසැම්බර් 27 වනවිට අවසන් කළ යුතුව පැවතුණද ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකි බව අදාළ සමාගම විසින් දන්වා තිබුණි.

මේ නිසා එම ආයෝජනය සිදුකර වසර 11ක් ගත වී ඇතත් කිසිදු ප්‍රතිලාභයක් අරමුදලට ලැබී නොතිබුණු බවද එම වාර්තාවෙන් පෙන්වාදී ඇත.

Exit mobile version