Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2024දී රාජ්‍ය දැව සංස්ථාවෙන් රුපියල් මිලියන 4,688ක විකුණුම් ආදායමක්

2024දී රාජ්‍ය දැව සංස්ථාවෙන් රුපියල් මිලියන 4,688ක විකුණුම් ආදායමක්

2024දී රාජ්‍ය දැව සංස්ථාවෙන් රුපියල් මිලියන 4,688ක විකුණුම් ආදායමක්

2024 වසරේ දී රාජ්‍ය දැව සංස්ථාව රුපියල් මිලියන 4,688ක විකුණුම් ආදායමක් ලබා ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.

ඒ් අනුව රාජ්‍ය දැව සංස්ථාව රුපියල් මිලියන 825ක ලාභයක් පසුගිය 2024 වසරේ දී උපයා තිබේ.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා රාජ්‍ය දැව සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකරුවන් ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි.

එසේම 2024 වර්ෂයේ රාජ්‍ය දැව සංස්ථාවේ ආදායමින් මහා භාණ්ඩාගාරයට හා රජයට ලබා දුන් දායකත්වය රුපියල් මිලියන 2,000ක් බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය මගින් පැවැත්වූ “2024 CNC ACHIEVER” සම්මාන උළෙලේ දී රාජ්‍ය අංශයට හිමි එකම රන් සම්මානය දිනා ගැනීමට රාජ්‍ය දැව සංස්ථාව සමත් වූ බව මේ අවස්ථාවට එක් වෙමින් රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති මහාචාර්ය ලලිත් නිශාන්ත පටබැඳි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version