Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාතික අවම මාසික වේතනය සහ ජාතික අවම දෛනික වේතනය සංශෝධනයට කැබිනට් අනුමැතිය

ජාතික අවම මාසික වේතනය සහ ජාතික අවම දෛනික වේතනය සංශෝධනයට කැබිනට් අනුමැතිය

ජාතික අවම මාසික වේතනය සහ ජාතික අවම දෛනික වේතනය සංශෝධනයට කැබිනට් අනුමැතිය

FacebookTwitterWhatsAppLinkedInLineWeChat

2025 අයවැය යෝජනා මඟින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ගේද වැටුප් ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.

ඒ අනුව, පහත සඳහන් පරිදි ජාතික අවම මාසික වේතනය සහ ජාතික අවම දෛනික වේතනය සංශෝධනය කිරීමටත්, ඊට අදාළ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

* 2025‑04‑01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 17,500/- සිට රුපියල් 27,000/-දක්වා රුපියල් 9,500/-කින් ජාතික අවම මාසික වේතනය ඉහළ නැංවීම.

* 2025‑04‑01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික වේතනය රුපියල් 700/- සිට රුපියල් 1,080/- දක්වා රුපියල් 380/-කින් ඉහළ නැංවීම.

* 2026‑01‑01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 27,000/- සිට රුපියල් 30,000/-දක්වා රුපියල් 3,000/-කින් ජාතික අවම මාසික වේතනය ඉහළ නැංවීම.

* 2026‑01‑01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික වේතනය රුපියල් 1,080/- සිට රුපියල් 1,200/- දක්වා රුපියල් 120/-කින් ඉහළ නැංවීම.
අදාල යෝජනාවන් වේ.

Exit mobile version