Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඖෂධ මිල නියාමනයට නව රෙගුලාසි

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වැඩිම ඖෂධ නිෂ්පාදනය 2025දී

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වැඩිම ඖෂධ නිෂ්පාදනය 2025දී

ඖෂධ මිල නියාමනයට නව රෙගුලාසි පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසිනි.

ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියට වසරකට දෙවතාවක් ඖෂධවල උපරිම මිල සංශෝධනයක් සිදු කිරීමට අවසරය හිමි වේ.

ඩොලරයේ අගය උච්ඡාවචනය වුවහොත් මහජන සුබ සිද්ධිය උදෙසා ඕනෑම මොහොතක මෙම උපරිම මිල ගණන් වෙනස් කිරීමටද එම අධිකාරියට මේ යටතේ නීතිමය බලය හිමි වේ.

Exit mobile version