Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක ජනගහනයෙන් මිලියන 850ක් ගොදුරු වී ඇති වකුගඩු රෝගය

ලෝක ජනගහනයෙන් මිලියන 850ක් ගොදුරු වී ඇති වකුගඩු රෝගය ඒ අනුව මෙලෙස ප්‍රථම වරට වාර්තා වූ රෝගීන්ගෙන් 75%ක් පෙනහලුගත ක්ෂය රෝගීන් වන අතර, ඔවුන්ගෙන් 60%-65% අතර ප්‍රතිශතයක් සෙමවල විෂබීජ සහිත රෝගීන් වන බවයි වාර්තා වී ඇත්තේ. මේ අතර ක්ෂය රෝග මරණ සම්බන්ධයෙන් මෙරට සතු අවසන් දත්ත වාර්තාව වන 2023 වසරේ වාර්තාව අනුව එම වසරේදී පුද්ගලයන් 733 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. එය සමස්ත රෝගීන්ගෙන් 7.9%ක ප්‍රතිශතයක් වන බවත්, ක්ෂය රෝග මරණ ඉහළ යමින් පවතින බවත් ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය මිසායා කාදර් මහත්මිය සඳහන් කරනවා. එළඹෙන 24 වැනිදාට යෙදෙන ලෝක ක්ෂය රෝග දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී ඊයේ (12දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය පෙන්වා දුන්නේ වයස අවුරුදු 55 ට ඉහළ කාණඩය තුළ ක්ෂය රෝගීන් වාර්තා වීම ඉහළ බවයි.

ලෝක ජනගහනයෙන් මිලියන 850ක් ගොදුරු වී ඇති වකුගඩු රෝගය

FacebookTwitterWhatsAppLinkedInLineWeChat

ලෝක වකුගඩු දිනය අදට (13)ට යෙදී තිබෙනවා.

ඒ පිළිබද දැනුවත් කිරිමේ වැඩසටහනක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වුණා.

වකුගඩු රෝග පිළිබද දැනුවත් කිරීම උදෙසා යු ටියුබ් නාලිකාවක්ද මෙහිදි එළිදැක්වුණා.

මෙහිදි පාසල් 9ක දරුවන් උදෙසා දැනුවත් කිරීමක් සිදුවුනු අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ලෝක ජනගහනයෙන් මිලියන 850කට වැඩි පිරිසක් වකුගඩු රෝගයට ගොදුරු වී ඇති බවට අනුමාන කෙරෙනවා.

ගෝලීය දත්ත අනුව ජනගහනයෙන් දීර්ඝකාලීන වකුගඩු රෝගීන් හඳුනාගෙන ඇත්තේ සෑම දසදෙනකුගෙන් එක් අයකු ලෙස පමණි.

ලෝක වකුගඩු දිනය වාර්ෂිකව සැමරෙන්නේ මාර්තු මස දෙවන බ්‍රහස්පතින්දා දිනයෙහිදීයි.

මෙය සැමරීම ඇරඹුණු 2006 වසරෙහිදී රටවල් 66ක් විසින් එය සැමරුණු අතර වසර දෙකකදී මෙම සංඛ්‍යාව 88 දක්වා ඉහළ නැග තිබෙනවා.

Exit mobile version