Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝටි 17කට අධික “හෂීස්” සමග විදෙස් තරුණියක් අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් දහ හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා “හෂීස්” මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතික තරුණියක් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිය ගමන් මල්ල තුළ “හෂීස්” සඟවා ගෙන පැමිණි ඇය 20 හැවිරිදි වියේ පසුවන කැනඩා ජාතික උපාධි අපේක්ෂක තරුණයක් වන බවයි වාර්තා වන්නේ.

කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට අබුඩාබි නුවර වෙත පැමිණ, එතැන් සිට එටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරන ගුවන්යානයෙන් එම විදෙස් තරුණිය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

සිය ගමන් මල්ල තුළ තිබූ ඇද ඇතිරිලි 03ක ඔතා, හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 17යි ග්‍රෑම් 573ක ප්‍රමාණය සඟවා ගෙන මෙරටට පැමිණ ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් විදෙස් තරුණිය හා හෂීස් මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.

Exit mobile version