දිනකට බැරල් 100,000ක ධාරිතාවෙන් යුත් නව තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සහ සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
වත්මන් රජයේ බලශක්ති ප්‍රතිපත්ති රාමුව යටතේ දැනට පවත්නා පිරිපහදුව නවීකරණය කිරීම හෝ නව පිරිපහදුවක් ඉදිකිරීම ප්‍රමුඛ කාර්යයක් වශයෙන් හඳුනාගෙන ඇත.
ඒ අනුව, 2022 වර්ෂයේදී සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනය මත පදනම්ව සුදුසු ආයෝජන හවුල්කරුවකු හඳුනාගැනීම පිණිස අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, සපුගස්කන්ද තෙල් පිරිපහදුව සංවර්ධනය කිරීම සහ එම පරිශ්‍රය තුළම ඉදිකිරීම, මෙහෙයුම් හා පැවරීම (BOT) පදනම මත දිනකට බැරල් 100,000ක ධාරිතාවකින් යුත් නව පිරිපහදුවක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු මූල්‍ය සම්පාදක/ආයෝජකයන් හඳුනාගැනීම සහ තෝරාගැනීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමටත්, සුදුසුකම් සපුරන ආයතන වෙතින් යෝජනා කැඳවීමටත් බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.