Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දීය ධීවරයින් දෙදෙනෙකුට වෙඩි වැදීම සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි අප්‍රසාදය

ඉන්දීය ධීවරයින් 2කුට වෙඩි වැදීම සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි අප්‍රසාදය

ඉන්දීය ධීවරයින් 2කුට වෙඩි වැදීම සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි අප්‍රසාදය

FacebookTwitterWhatsAppLinkedInLineWeChat

ඩෙල්ෆ් දූපත ආසන්න මුහුදේදී ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේදී සිදුවූ වෙඩි වැදීමේ සිද්ධියට අදාළව ඉන්දීය රජය ශ්‍රී ලංකාවට දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.

නවදිල්ලියේ මෙරට වැඩ බලන මහ කොමසාරිස්වරයා ඉන්දීය විදේශ අමාත්‍යාංශයට කැඳවා දැඩි අප්‍රසාදය පළ කර ඇති බව සඳහන්.

අද (28) අලුයම පෝක් සමුද්‍ර සන්ධියේ ඩෙල්ෆ්ට් දූපත අසල සිදුවූ මෙම වෙඩි වැදීමේ සිද්ධියෙන් ඉන්දීය ධීවරයින්ට නාවික හමුදාව වෙඩි තැබීමෙන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තවත් තිදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව සඳහන් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකාවට විරෝධය පළ කර තිබෙනවා.

මෙම සිදුවීම සිදුවූයේ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේදී වන අතර බරපතළ තුවාල ලැබූ ධීවරයින් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ධීවරයින් 11 දෙනෙකු, බහුදින යාත්‍රාව ඇතුළු දේපළ නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි.

Exit mobile version