Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කෑම මිල ගණන් ඉහළට

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කෑම මිල ගණන් ඉහළට

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කෑම මිල ගණන් ඉහළට

පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 2000ක් දක්වා ඉහළ දැමීමට අද දින (23) පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී තීරණය කර තිබේ.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ඒ බව සඳහන් කළේය.

ඒ අනුව පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදේ ආහාරවේලක් රුපියල් 600ක් දක්වා ඉහළ දමා ඇති අතර දිවා ආහාර වේලක් රුපියල් 1,200ක් දක්වා ඉහළ දමා තිබේ.

තේ එකක මිල රුපියල් 200කි.

මෙම නව මිල ගණන් පෙබරවාරි මස 01වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Exit mobile version