Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2024 වසරේදී කොටස් වෙළෙඳපොළේ සුවිශේෂී වර්ධනයක්

කොටස් වෙළෙඳපොළ යළිත් වරක් ඒකක 23,000 සීමාව පසුකරයි

කොටස් වෙළෙඳපොළ යළිත් වරක් ඒකක 23,000 සීමාව පසුකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2024 වසරේදී 49.66%ක සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වී තිබේ.

2024 වසර ආරම්භයේදී ඒකක 10,654.16ක් ලෙසින් සටහන්ව තිබූ සියලු කොටස් මිල දර්ශක අගය වසර අවසානය වන විට ඒකක 15,944.61ක් දක්වා ඒ අනුව ඉහළ ගොස් ඇත.

මේ අතර S&P SL20 දර්ශකයට අනුව 2024 වසරේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනය 58.46%කි.

සියලු කොටස් මිල දර්ශකයේ සහ S&P SL20 දර්ශකයේ මෙම අගයයන් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වී ඇති ඉහළම අගයන් වීම විශේෂත්වයකි.

මේ අතර ඉතිහාසයේ පළමු වරට මේ වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. ට්‍රිලියන 5.69ක් දක්වා ඉහළ ගොස් ඇත.

Exit mobile version