Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

McDonald’s සමාගම ලංකාවේ මෙහෙයුම් අවසන් කරයි

මැක්ඩොනල්ඩ්ස් ලංකාවේ මෙහෙයුම් අවසන් කරයි

මැක්ඩොනල්ඩ්ස් ලංකාවේ මෙහෙයුම් අවසන් කරයි

සනීපාරක්ෂාව පිළිබඳ ගැටලු හේතුවෙන් 2024 මාර්තු මාසයේදී මෙහෙයුම් අත්හිටුවීමෙන් පසු, එක්සත් ජනපද ක්ෂණික ආහාර අලෙවිසැලක් වන McDonald’s ආයතනය පසුගිය සිකුරාදා දින (25) පවසා සිටියේ ඔවුන් ශ්‍රී ලංකා හිමිකරු සමඟ ඇති ගිවිසුම විධිමත් ලෙස අවසන් කළ බවයි.

McDonald’s Corporation සහ International Restaurant Systems (Pvt) Ltd ඔවුන්ට අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වන නීතිමය විසඳුමකට එළඹ ඇති අතර මීට පෙර පැවති සම්බන්ධතාවය අවසන් කර ඇතැයි දෙපිරිස ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියහ.

McDonald’s සමාගම මෙරට අබාන්ස් සමූහ ව්‍යාපාරයට සම්බන්ධ දේශීය සමාගමක් වන International Restaurant Systems (Pvt) Ltd සමග නැවත හවුල්කාරීත්වයක් ඇතිකර නොගනු ඇත.

ඉදිරියේදී වෙනත් දේශීය සමාගමක් සමග එක්ව ලංකාවේ මෙහෙයුම් අරඹනවාද නැද්ද යන්න ගැන ඇමරිකානු සමාගම කිසිවක් දැනට පවසා නැත.

Exit mobile version