Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජය හැම රටක් සමගම සමබරව කටයුතු කරනවා – රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති ගැන කැබිනට් ප්‍රකාශක

රජය හැම රටක් සමගම සමබරව කටයුතු කරනවා - රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති ගැන කැබිනට් ප්‍රකාශක

රජය හැම රටක් සමගම සමබරව කටයුතු කරනවා - රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති ගැන කැබිනට් ප්‍රකාශක

රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලදී රජය හැම රටක් සමගම සමබරව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීම මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පැවසුවේ, “ඉන්දියාව එක්ක ගනුදෙනු කරනවා වගේම චීනය එක්කත් අපි ගනුදෙනු කරනවා,” යනුවෙනි.

ඔහු තවදුරටත් පැවසුවේ චීන යුද පුහුණු නැවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට රජය විසින් අවසර ලබාදුන් බවයි.

එම නෞකාව මෙම මාසයේදී මෙරටට් පැමිණීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.

“අපි ඇත්තටම කිසිදු රටක් පිළිබඳව විශේෂත්වයක් සලකන්නේ නෑ. රට ලොකු වුණත් රට පොඩි වුණත් ශ්‍රී ලංකාව ඒ සියලුම රටවල් එක්ක රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වනවා. අපිට භේදයක් නෑ චීනයත් එක්කත් ඉන්දියාව එක්කත් අමෙරිකාව එක්කත් රුසියාව, කියුබාව සහ වියට්නාමය එක්කත් අපි රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වනවා. ඉන්දියාව එක්ක ගනුදෙනු කරනවා වගේම චීනය එක්කත් අපි ගනුදෙනු කරනවා. චීනය මගින් විහාරස්ථාන සඳහා සෝලා පැනල් ලබාදීමේ ව්‍යාපෘතියක් තියෙනවා. අපි ඒකට මැදිහත් වෙනවා. මේ මාසේ තව නොබෝ දිනකින් චීන යුද පුහුණු නැවක් ලංකාවට එනවා. ඒ සඳහා අපි අවසරය දීලා තියෙනවා. ඒක කිසිම ලංකාවේ ආරක්ෂාවට හානියක් වෙන එකක් නොවෙයි. මීට කලිනුත් අමෙරිකානු, ඉන්දියානු, ජර්මන් යුද අභ්‍යාස නැව් ඇවිල්ලා තියෙනවා. එවැනි රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වලදී අපි සමබරව අපි හැම රටක් එක්කම කටයුතු කරනවා…”

Exit mobile version