Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දිම අද

නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දුන්නේය

නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දුන්නේය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව ආණ්ඩුකාරවරුන් අද (25) දිවුරුම් දී තිබේ.

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සරත් අබේකෝන් මහතා
උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නාගලිංගම් වේදනායගම් මහතා
දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජ්‍යේෂ්ඨ පාරිපාලන නිලධාරී බන්දුල හරිස්චන්ද්‍ර මහතා
සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය ලෙස චම්පා ජානකි මහත්මිය
බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස හනීෆ් යූසුෆ් මහතා
වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස තිස්ස කුමාරසිරි මහතා
උතුරුමැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස වසන්ත කුමාර විමලසිරි මහතා
නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජයන්ත ලාල් රත්නසේකර මහතා
ඌව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස කපිල ජයසේකර මහතා

යන මහත්ම මහත්මියන් දිවුරුම් දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය සඳහන් කළේ නව ආණ්ඩුකාරවරුන් 09 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දුන් බවය.

Exit mobile version