Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

Mpox රෝගයට එරෙහි එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

Mpox රෝගයට එරෙහි එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

Mpox රෝගයට එරෙහි එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

මන්කිෆොක්ස් (Mpox) රෝගයට එරෙහි එන්නතක් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පළමුවරට අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව Bavarian Nordic A/S විසින් වැඩි දියුණු කරන ලද MVA-BN එන්නත, පූර්ව සුදුසුකම් ලැයිස්තුවට එම සංවිධානය විසින් එක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රෝග සම්ප්‍රේෂණය අවම කිරීම සහ රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අදාළ එන්නත ඉවහල් වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාසය පළ කරනවා.

ඒ අනුව වඩාත් අවදානමට ලක්ව සිටින මන්කිෆොක්ස් ආසාදිනයින්ට සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම සඳහා එන්නත් ප්‍රසම්පාදනය සහ බෙදා හැරීම සඳහා වන අවශ්‍යතාවයද එම සංවිධානය විසින් අවධාරණය කර ඇති බව සඳහන්.

අනුමැතිය හිමිවූ මෙම එන්නත වයස අවුරුදු 18 සහ ඊට වැඩි වැඩිහිටියන් සඳහා සති හතරක පරතරයකින් මාත්‍රා දෙකකින් ලබා දෙනු ඇත.

Exit mobile version