Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදේශ සංචිත ඉහළ නැංවීම සඳහා බංග්ලාදේශය ඩොලර් බිලියන 5ක හදිසි ජාත්‍යන්තර අරමුදල් අපේක්ෂා කෙරේ

බංග්ලාදේශය ජාත්‍යන්තර ණය දෙන්නන්ගෙන් ඩො.බි 5ක් අපේක්ෂා කරයි

බංග්ලාදේශය ජාත්‍යන්තර ණය දෙන්නන්ගෙන් ඩො.බි 5ක් අපේක්ෂා කරයි

හිඟ වෙමින් පවතින විදේශ විනිමය සංචිත ඉහළ නැංවීම සඳහා බංග්ලාදේශය ඩොලර් බිලියන 5ක හදිසි අරමුදල් අපේක්ෂා කරනවා.

ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා බංග්ලාදේශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව හා ජපානය ඇතුළු ප්‍රමුඛ ජාත්‍යන්තර ණය දෙන්නන්ගෙන් ඩොලර් බිලියන 5ක මූල්‍ය ආධාරයක් ඉල්ලා තිබෙනවා.

අන්තර්වාර රජයේ ප්‍රධානියා වන මුහම්මද් යුනුස් මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3ක්, ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 1ක් හා ජයිකා ආයතනයෙන් අතිරේක ඩොලර් බිලියන 1ක් ලබා ගැනීම අපේක්ෂාවයි.

රට තුළ පැවැති අරගලකාරී තත්ත්වය, ගෝලීය ආර්ථික කඩාවැටීම මෙන්ම රාජ්‍ය දූෂණයද බංග්ලාදේශයේ අර්බුදයට හේතු වී තිබෙනවා.

මේ හේතුවෙන් රුසියාවෙන් මෙන්ම චීනයෙන්ද දිගුකාලීන ණය ගෙවීම් කාල සීමා සඳහා බංග්ලාදේශ රජය සාකච්ඡා කරමින් සිටිනවා.

ඩොලර් බිලියන 450ක බංග්ලාදේශ ආර්ථිකය මේ වනවිට දැවැන්ත පීඩනයකට ලක්ව තිබෙනවා.

Exit mobile version