Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාතලේ ගමකින් දේශපාලකයින්ට රතු එළියක්

මෙවර ජනාධිපතිවරණ ඡන්දයේ දී ඡන්දය ඉල්ලා ගමට පැමිණෙන පිරිස්හට අසුචි ප්‍රහාර එල්ලකරන බවට මාතලේ – නාඋල ,අදාවල ගම්මානයේ වැසියන් දැන්වීම් ප්‍රදර්ශනය කර තිබෙන බවට වාර්තා වනවා.

වසර ගණනාවක් තිස්සේ සිය ගම්මානයට පැමිණි දේශපාලකයින් විවිධ පොරොන්දු ලබාදෙමින් කටයුතු කල බවත් මේ වන තෙක් ඔවුන් ලබාදුන් පොරොන්දු ඉටුවී නැති බවත් ගම්වාසින් පවසනවා.

ගම්වාසින් පවසා සිටින්නේ සිය ගම්මානයට පිවිසෙන මාර්ග පද්ධතිය,වගාබිම් වල පවත්නා ගැටළු මෙන්ම ප්‍රවාහන දුෂ්කරතා ඇතුළු කරුණු ගනනාවක් සැලකිල්ලට ගෙන මෙවර මැතිවරණයේ දී සිය ගම්මානයේ පිරිස් ඡන්දය ලබාදීමෙන් වැලකි සිටින බවයි.

පොරොන්දු ඉටුනොකරන ලද දේශපාලකයින්ට සිය ගම්මානයට නොපැමිණෙන ලෙසත් එසේ පැමිණියහොත් ඒ සදහා ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටන බවත් ඔවුන් පවසනවා.
-news19-

Exit mobile version