Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මැතිවරණ පැමිණිලි දැනුම් දිමට දුරකථන අංක

මැතිවරණ පැමිණිලි දැනුම් දෙන්න දුරකථන අංක

මැතිවරණ පැමිණිලි දැනුම් දෙන්න දුරකථන අංක

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මැතිවරණ කොමිසමට සහයවීම පිණිස පැෆ්රල් සංවිධානය මෙවරත් ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව රටෙහි සිදුවන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ අපේක්ෂකයාට හෝ පාක්ෂිකයාට අගතිගාමී වන සිදුවීම්, ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ සිදුවීමක් වන්නේ නම් ඒ පිළිබඳව සක්‍රියව මැදිහත්ව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සිය සංවිධානය මැදිහත්වන බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

ඒ අනුව යම් මැතිවරණ පැමිණිල්ලක් ඇත්නම් පහත සඳහන් WhatsApp අංකවලට, ෆැක්ස් හෝ Email ලිපිනයන්ට යොමුකරන ලෙස ඉල්ලා සිටි. පැමිණිලිකරුගේ අවසරයකින් තොරව ඔහුගේ අනන්‍යතාවට හෙලි නොකිරීමට කටයුතු කරන බවද පැෆ්රල් සංවිධානය සදහන් කරයි.

පළාත දුරකතන අංක (Whatsapp)

බස්නාහිර පළාත 070-1084006
දකුණු පළාත 070-1083949
ඌව පළාත 070-1084034
මධ්‍යම පළාත 070-1083974
සබරගමුව පළාත 070-1083934
වයඹ පළාත 070-1084013
උතුරුමැද පළාත 070-1083998
නැගෙනහිර පළාත 070-1083911
උතුරු පළාත 070-1083929

ඔබගේ පැමිණිලි පහතින් දක්වා ඇති Whatsapp අංකයට හෝ Email ලිපිනයටද යොමුකල හැකිය.
දුරකතන අංකය 011-2558570 / 070- 1084127
Whatsapp: 070-1084127
Fax: 011-2558572
Email: paffrelcomplainunit@gmail.com

Exit mobile version