Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වතු සේවකයින්ට රු1700 ගෙවන්න සමාගම් 7ක් එකඟයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

වතු සේවකයින්ට රු1700 ගෙවන්න සමාගම් 7ක් එකඟයි - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

වතු සේවකයින්ට රු1700 ගෙවන්න සමාගම් 7ක් එකඟයි - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

වතු සේවකයන් සඳහා රුපියල් 1700ක දෛනික වැටුප ගෙවීමට වතු සමාගම් 7ක් එකගවී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සෙනසුරාදා (10) මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු සංගම් සහ තරුණ නායක රැස්වීම අමතමිනි.

කම්කරු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් එළඹෙන සඳුදා පඩි පාලක සභාව කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නම් විශේෂ නීති හඳුන්වා දෙනු ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය තවදුරටත් සඳහන් කරයි.

Exit mobile version