Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2023 මුල් මාස දහයට මනුෂ්‍ය ඝාතන 488ක්

2023 මුල් මාස දහයට මනුෂ්‍ය ඝාතන 488ක්

2023 මුල් මාස දහයට මනුෂ්‍ය ඝාතන 488ක්

පසුගිය වසරේ මුල් මාස දහයේදී මනුෂ්‍ය ඝාතන 488ක් වාර්තාවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

මින් ඝාතන 52ක්ම සිදුවී ඇත්තේ වෙඩි තැබීම් වලිනි.

තංගල්ල නුගේගොඩ ගම්පහ රත්නපුර හා ඇල්පිටිය යන පොලිස් කොට්ඨාස පහේ පිළිවෙළින් 32,27,24,24,20 වශයෙන් මනුෂ්‍ය ඝාතන ඉහළ සංඛ්‍යාවක් වාර්තාවී තිබූ බව එම වාර්තාව සඳහන් කරයි.

මේ අතර දිවයින පුරා 2018- 2022 අතර කාල පරිච්ඡේදයේදී බරපතල තුවාල සිදු කිරීම් හා මනුෂ්‍ය ඝාතන 7017ක් වාර්තාවී ඇතැයි පවසන එම වාර්තාව ඉන් අපරාධ 2030ක්ම වාර්තා වී ඇත්තේ පසුගිය වසරේදී බවද ප්‍රකාශ කරයි.

රටේ බල අපරාධ වාර්තාවීම වර්ධනය වීම වැළැක්වීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි එම වාර්තාව නිර්දේශ කරයි.

මේ අතර පසුගිය වසර හයක කාලය සැලකිල්ලට ගැනීමේදී ගෙවල් බිඳීම් ආ කොල්ලකෑම් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය වසරේදීය. 2018 වර්ෂයට සාපේක්ෂව පසුගිය වසරේදී එම අපරාධවල සියයට පනහක පමණ වර්ධනයක් පෙන්නුම් කෙරුණු බවද ජාතික විගණන කාර්යාලය පවසයි.

ගෙවල් බිඳීම හා කොල්ලකෑම යන අපරාධ විසඳීම ගත් විට පසුගිය වසර හයේදී අඩුම විසඳීමේ ප්‍රතිශතයක් වාර්තා වී තිබුණේද පසුගිය වසරේදීය

මේ අතර කාන්තාවන්ට එරෙහි බාල අපරාධ වාර්තා වීම 2022 වර්ෂයට සාපේක්ෂව පසුගිය වසරේදී සියයට විසි හතකින් වැඩිවී තිබූ බව පවසන එම වාර්තාව ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව 182 සිට 226 දක්වා ඉහළ ගොස් තිබූ බවද සඳහන් කරයි.

කාන්තාවන්ට බරපතල තුවාල කිරීම් සංඛ්‍යාව 154 සිට 221 දක්වාද පිහි ආදියෙන් තුවාල කිරීම් සංඛ්‍යාව 74 සිට 96 දක්වාද බරපතල ලිංගික අපයෝජන සංඛ්‍යාව 21 සිට 37දක්වාද වර්ධනය වී තිබූ බව එම වාර්තාව අනාවරණය කරයි.

පසුගිය වසරේදී මෙම අපරාධ විසඳීම සියයට 99ක ප්‍රගතියක් පෙන්නුම් කළද අපරාධ වාර්තා වීම වැඩි වී තිබූ බව පවසන විගණන කාර්යාලය අපරාධ පාලනයට හා වැළැක්වීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවද ප්‍රකාශ කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා පොලිසියේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

Exit mobile version