Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාවේ නීපා වෛරසය යලි තීව්‍ර වේ

ඉන්දියාවේ නීපා වෛරසය යලි තීව්‍ර වේ

ඉන්දියාවේ නීපා වෛරසය යලි තීව්‍ර වේ

නීපා වෛරසයෙන් පිරිමි දරුවෙකු මියයාමත් සමග ඉන්දියාවේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

කේරළ ප්‍රාන්තයේ 14 හැවිරිදි පිරිමි දරුවෙකුයි නීපා වෛරසයෙන් මියගොස් ඇත්තේ.

කේරළ ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් පවසන්නේ රෝගය වැළඳීමේ වැඩි අවදානම් කාණ්ඩයට අයත් පුද්ගලයින් 60 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

මියගිය පිරිමි ළමයා පන්ඩික්කාඩ් නගරයේ අයෙකු බවත් ඔහු ආශ්‍රය කළ පුද්ගලයන් හුදකලා කර පරීක්ෂාවට ලක්කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පොදු ස්ථානවල මුව ආවරණ පැළඳීම හා රෝහල් ගතකළ පුද්ගලයින් බැලීමට යාමෙන් වැළකී සිටීම වැනි පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගන්නා ලෙස ප්‍රදේශයේ ජනතාවගෙන් එරට රජය ඉල්ලීමක් කරනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව නිපා වෛරසය යනු ඌරන් හා වවුලන් වැනි සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන වයිරසයක්. එය දූෂිත ආහාර මගින් හා ආසාදිත පුද්ගලයෙකු ආශ්‍රය කිරීමෙන්ද සම්ප්‍රේෂණය විය හැකියි.

Exit mobile version