Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සුව සැරියට ප්‍රදාන වශයෙන් නව ගිලන් රථ 95ක්

සුව සැරියට ප්‍රදාන වශයෙන් අලුත් ගිලන් රථ 95ක්

සුව සැරියට ප්‍රදාන වශයෙන් අලුත් ගිලන් රථ 95ක්

1990 සුව සැරිය පදනමට නොමිලේ ප්‍රදාන වශයෙන් ගිලන් රථ ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පූර්ව රෝහල් ප්‍රතිකාර හා හදිසි රෝගී ප්‍රතිකාර සේවාවන් කඩිනමින් සලසා දීම සඳහා 2016 වසරේදී ඉන්දීය රජයේ ප්‍රදානයක් යටතේ ඉන්දියාවේ පිහිටි TATA Sons(Pvt) Ltd ආයතනයෙන් ලබාගත් ගිලන් රථ 297ක් යොදාගෙන “1990 සුව සැරිය පදනම” ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා රජයෙන් ලබා දුන් ගිලන් රථ 25ක්ද ඇතුළුව මේ වන විට ගිලන් රථ 322ක් මේ සඳහා යොදවා තිබේ. සුව සැරිය පදනමේ ඉලක්කය අනුව, කඩිනමින් සේවය ලබා දීමයි.

සඳහා ගිලන් රථ 450ක් සහ උපස්ථ ගිලන් රථ 25ක් අවශ්‍ය බවත් දැනට ගිලන් රථ 150ක හිඟයක් ඇති බවත් හඳුනා ගෙන ඇත.

ඒ අනුව ඉන්දියාවේ TATA Sons (Pvt) Ltd ආයතනය විසින් ගිලන් රථ 50ක් නොමිලේ ප්‍රදානයක් වශයෙන් ලබා දීමටත් ආසියා සංවර්ධන බැංකුව විසින් ගිලන් රථ 45ක් ප්‍රදානයක් වශයෙන් ලබා දීමටත් එකඟතාව පළ කර තිබේ.

එකී ගිලන් රථ ‘1990 සුව සැරිය පදනම” වෙත ලබා ගැනීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Exit mobile version