Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මේ වසරේ රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කරන්න බැහැ – ජනපති

මේ වසරේ රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කරන්න බැහැ - ජනපති

මේ වසරේ රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කරන්න බැහැ - ජනපති

රාජ්‍ය අංශයේ යළි වැටුප් වැඩි කිරීමක් මේ වසරේ සිදු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙම වර්ෂයේ මැතිවරණ කාලසීමාවක් එළඹෙන බැවින් එය සිදුකළ නොහැකි බව ජනපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බල ගැන්වීමේ උත්සවයට සෙනසුරාදා (06) වැල්ලවායේදී එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ වැටුප් වැඩි කළ හැක්කේ ලබන වසරේ අයවැය හරහා බවය.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාතේ ප්‍රජා පොලිස් කමිටු බලගැන්වීමේ පළමු සැසියද ආරම්භ කෙරුණි.

උත්සවය පැවැත්වුණේ වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේදීය.

මෙම ප්‍රජා පොලිස් කමිටු, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් රට පුරා දියත් කර තිබෙන “යුක්තිය” මෙහෙයුම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදෙයි.

Exit mobile version