ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් පුද්ගලයින් 121 දෙනෙකු මියගොස් තිබෙනවා.
උත්තර් ප්රදේශ් ප්රාන්තයේ හත්රාස් දිස්ත්රික්කයේ සට්සන්ග් ප්රදේශයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරයි මෙම තෙරපීම සිදුව ඇත්තේ. මියගිය අය අතර බහුතරය කාන්තාවන් හා කුඩා දරුවන් වනවා.
පටු මාර්ගයක් ඔස්සේ එක්වර විශාල පිරිසක් ගමන් කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් මෙසේ තෙරපීමක් ඇතිවුණා.
මියගිය පිරිස අතර පෑගීමට ලක්වූ බොහෝ දෙනෙකුද සිටිනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ බොහෝ පිරිසක් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
මීට පෙර 2018 වසරේදී ඉන්දියාවේ දුසේරා ආගමික උත්සවයක් අතරතුරද 60 දෙනෙකු මෙලෙස මියගියා.