Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මත්පැන් නිෂ්පාදන ආයතන 39කින් රු.කෝටි 725ක බදු පැහැර හැරීමක්

මත්පැන් නිෂ්පාදන ආයතන 39කින් රු. කෝටි 725ක බදු පැහැර හැරීමක්

මත්පැන් නිෂ්පාදන ආයතන 39කින් රු. කෝටි 725ක බදු පැහැර හැරීමක්

මත්පැන් නිෂ්පාදන ආයතන 39ක් රුපියල් කෝටි 725ක පමණ බදු මුදල් ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

මත්පැන් නිෂ්පාදන ආයතන 13කින් රුපියල් කෝටි 715ක්ද රානිෂ්පාදන ආයතන 13කින් රුපියල් ලක්ෂ හැට දෙකකට වැඩි මුදලක්ද මත්පැන් ස්කාගාර තුනකින් රුපියල් කෝටි තුනකට වැඩි මුදලක්ද වශයෙන් බදු ගෙවීම මෙසේ පැහැර හැර ඇති බව එම වාර්තාවේ දැක්වේ.

මෙයට අමතරව මත්පැන් නිෂ්පාදන ආයතන හතරකින් අපතය සඳහා හිඟ බදු වශයෙන් රුපියල් කෝටි හතකට ආසන්න මුදලක්ද පවතින බව විගණන අංශ පවසයි.

පසුගිය වසරේ දෙසැම්බර් 31දිනට විගණනයට ඉදිරිපත් කළ හිඟ ආදායම් වාර්තා අනුව මෙම ගණනය කිරීම් කර ඇත. සුරා බදු නිවේදනවල විධිවිධාන ප්‍රකාරව හිඟ ආදායම අය කරගැනීමට කටයුතු කර නොතිබූ බවත් මුළු හිඟ සුරා බදු ආදායම ක්‍රමයෙන් වැඩිවීමක් නිරීක්ෂණය වන බවත් විගණන කාර්යාලය පවසයි.

මේ අතර බීඩි කර්මාන්තයේ නිරත ආයතන 318කින් ආයතන දෙසිය දොළහක් ලියාපදිංචිය අලුත් කර නොතිබූ බවත් ඒ සම්බන්ධයෙන් පසු විපරමක් කර නොතිබූ බවත් විගණන වාර්තාවේ දැක්වේ.

ලියාපදිංචි කර තිබූ ඉතිරි ආයතන 106න් පසුගිය වසරේදී කිසිදු බදු මුදලක් අය වී නොතිබුණු බව සඳහන් කරන අතරම බදු අය කර ගැනීමේ දී සුළු පරිමාණ මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ වශයෙන් නිෂ්පාදකයන් වර්ග කර නොතිබූ බවද සඳහන් කරයි.

මෙම තොරතුරු සඳහන් වන්නේ සුරා බදු දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

Exit mobile version