Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෞතුකාගාර පුස්තකාලයට ගිනි ආරක්ෂණ පද්ධතියක් පිහිටුවීමෙන් කෝටි 9ක පමණ පාඩුවක්

කෞතුකාගාර පුස්තකාලයට ගිනි ආරක්ෂණ පද්ධතියක් පිහිටුවීමෙන් කෝටි 9ක පමණ පාඩුවක්

කෞතුකාගාර පුස්තකාලයට ගිනි ආරක්ෂණ පද්ධතියක් පිහිටුවීමෙන් කෝටි 9ක පමණ පාඩුවක්

කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලය වෙනුවෙන් ගිනි ආරක්ෂණ පද්ධතියක් පිහිටුවීම අසාර්ථක කොන්ත්‍රාත්කරුවෙකුට පැවරීම හේතුවෙන් රුපියල් කෝටි 9ක පමණ පාඩුවක් සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගනණ වාර්තාවක සඳහන් වෙනවා.

මෙම පාඩුව සිදුව ඇත්තේ කොන්ත්‍රාත්කරුට පවරා තිබූ එම ඉදිකිරීම් කොන්තාත්තුව දුර්වල කාර්ය සාධනය හේතුවෙන් අවලංගු කර වෙනත් කොන්ත්‍රාත්කරුවෙකුට පැවරීම හේතුවෙන් බවත් එහි දැක්වෙනවා.

ගිනි නිවන ආරක්ෂණ පද්ධතිය ඉදි කිරීම සඳහා කෝටි දහයක පමණ පිරිවැය ඇස්තමේන්තුවක් මත 2020 මාර්තු 31 දිනට වැඩ අවසන් කිරීම මත 2021 ජනවාරි 1 දින පිරිනැමූ කොන්ත්‍රාත්තුවට කෝටි හතරකට වැඩි මුදලක් ගෙවා තිබියදී කොන්ත්‍රාත්කරුගේ දුර්වල කාර්ය සාධනය මත එම කොන්ත්‍රාත්තුව අවලංගු කර ඇතැයිද සඳහන්.

ඉතිරි වැඩ කොටස් නිම කිරීම සඳහා පසුගිය වසරේ දෙසැම්බර් 18 දින වෙනත් කොන්ත්‍රාත්කරුවෙකුට කෝටි 18කට වැඩි පිරිවැය ඇස්තමේන්තුවකට මේ වසරේ වැඩ අවසන් කිරීම මත පවරා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

මේ අනුව එම කාර්ය කොන්ත්‍රාත් දෙකක් මත නිම කිරීමට සිදුවීමෙන් කොටි නවයකට ආසන්න වැඩිපුර වියදමක් දරා ඇතැයි විගනණ විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

Exit mobile version