Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තායිලන්තයේ අතිශය දුර්ලබ නිවුන් අලි උපතක්

තායිලන්තයේ අතිශය දුර්ලබ නිවුන් අලි උපතක්

තායිලන්තයේ අතිශය දුර්ලබ නිවුන් අලි උපතක්

තායිලන්තයේ ආසියාතික අලියෙකු නිවුන් පැටවුන් බිහිකර තිබෙනවා. මෙය ආශ්චර්යයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

36 හැවිරිදි මෙම ඇතින්න පිරිමි පැටවෙකු බිහිකර තිබෙනවා.

සහයකයින් පවසන්නේ එම පැටවා පිරිසිදු කර දෙපයින් සිට ගැනීමට උදව් කරන අතරවාරයේ ඇතින්න තවත් පැටවෙකු බිහිකළ බවයි. දෙවන පැටවා බිහි කිරීමත් සමඟ කලබල වු අලි මව එම පැටවා පාගා දැමීමට උත්සහ කර තිබෙනවා. ඇතින්න පාලනය කිරීමට කළ උත්සහයේ දී එක් ඇත්ගොව්වෙකු තුවාල ලබා තිබෙනවා.

ඇතින්න දෙවැනියට බිහිකර ඇත්තේ ගැහැණු පැටවෙක්.

නිවුන් අලි පැටවුන් බිහි කිරීම කලාතුරකින් සිදුවුවද ගැහැණු, පිරිමි දෙපාර්ශවයේ පැටවුන් බිහි කිරීම අතිශයින් දුර්ලබ බව සේව් ද එලිෆන්ට් සංවිධානය පවසනවා.

තායිලන්ත ජනගහණයෙන් බහුතරයක් බෞද්ධයන් වන අතර එරට අලි ඇතුන් පූජනීය ලෙස සලකනවා.
අලි ඇතුන් එරට ජාතික සංකේතයක්ද වනවා.

Exit mobile version