Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නරේන්ද්‍ර මෝදි අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

නරේන්ද්‍ර මෝදි අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

නරේන්ද්‍ර මෝදි අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු වේලාවකට පෙර එම ධුරයේ දිවුරුම්දීම සිදුකළේය.

ඉන්දියාවේ නවදිල්ලියේ රාෂ්ටපති භවන් හිදී මෙම දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙයි.

මීට පෙර තෙවරක් අඛණ්ඩව ඉන්දීය අගමැති ධුරය දරා ඇත්තේ, නිදහස් ඉන්දියාවේ පළමු අගමැතිවරයා වන ජවහර්ලාල් නේරු පමණකි.

අප්‍රේල් මස 19 වැනිදා සිට ජූනි මස පළමුවැනිදා දක්වා අදියර 7කින් ක්‍රියාත්මක වූ ඉන්දීය මහා මැතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් වුණේ පසුගිය ජූනි හතර වැනිදාය.

මිලියන 642ක පිරිසක් ඡන්දය භාවිත කළ මෙම මැතිවරණය ජයගැනීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සමත්විය.

ඒ ලෝක් සභාව එනම් ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 543න් 293ක් තමන් සතු කර ගනිමිනි.

Exit mobile version