Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වතු කම්කරු වැටුප සම්බන්ධයෙන් පියවර තුනක් ගැනීමට තීරණයක්

1700 වැටුප අහිමි වෙයි; වතුකම්කරුවන්ගේ අවම දෛනික වැටුප 1,350ක් වේ

1700 වැටුප අහිමි වෙයි; වතුකම්කරුවන්ගේ අවම දෛනික වැටුප 1,350ක් වේ

වතු කම්කරුවන් සඳහා දෛනික වැටුප් වැඩිවීමක් මෑතකදී රජය විසින් ප්‍රකාශයට පත් කළද ඇතැම් වතු සමාගම් විසින් එම වැඩි කරන ලද වැටුප ගෙවිය නොහැකි බවට රජය වෙත නියෝජනයන් ඉදිරිපත් කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් පියවර තුනක් ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් වර්තමාන ජීවන වියදම සහ මෑත දී ඇති වූ ආර්ථික අර්බුදයේ බලපෑම් සැලකිල්ලට ගනිමින් වතු කම්කරුවකු වෙත ගෙවිය යුතු අවම වැටුප ඇස්තමේන්තු කිරීම,

එලෙස ඇස්තමේන්තු ගත කරන ලද වැටුප ගෙවීම සම්බන්ධයෙන් එක් එක් වතු සමාගම සතුව පවතින හැකියාව පරීක්ෂා කර බැලීම පිණිස කමිටුවක් පත් කිරීම,

කිසියම් වතු සමාගමක් අයහපත් කළමනාකරණය හේතුවෙන් වැටුප් ගෙවීමට අපොහොසත් වන්නේ නම් එවැනි වතු සමාගම් සමග එළඹ ඇති ඉඩම් බදු ගිවිසුම් අවලංගු කිරීමට හැකි වන පරිදි නීති හඳුන්වාදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමත් එම යෝජනා තුනයි.

Exit mobile version