Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වර්ෂාවත් සමග ඩෙංගු මදුරුවන් බෝවීමේ වර්ධනයක්

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට; සෞඛය අංශ වෙතින් ජනතාවට විශේෂ දැනුම්දීමක්

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට; සෞඛය අංශ වෙතින් ජනතාවට විශේෂ දැනුම්දීමක්

නිරත දිග මෝසම් වර්ෂාවත් සමග ඉදිරියේදී ඩෙංගු මදුරුවන් බෝවීමේ වර්ධනයක් සිදුවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, මේ වනවිට ඩෙංගු රෝගීන් 23,000ක් වාර්තා වන බවය.
කොළඹ, ගම්පහ, කළුතර සහ යාපනය යන දිස්ත්‍රික්කවල මේ විනවිට ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ.

වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

මේ වසරේ මියගොස් ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යව 09කි.

මේ අතර මැයි 26 සිට ජාතික ඩෙංගු මර්දන සතියක් නම් කර තිබේ.

වර්ෂාව ලැබීමත් සමග කොළඹ නගරයේ ඇති විය හැකි ඩෙංගු අවදානම අවම කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ ජනාධිපතිවරයාගේ හා සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්යෙන් ජනාධිපති කාර්යාලයේ පැවති ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට ගෙන යන වැඩපිළිවෙළ හි වත්මන් තත්ත්වය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

Exit mobile version