Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක්

රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත් කර යවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (16) වන දා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, රුසියාවේ හිටපු තානාපති සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක් කඩිනමින් රුසියාව බලා පිටත් කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

Exit mobile version