Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සිංගප්පූරුවේ අගමැති “Lee” යුගය අවසන් කරමින් ඉල්ලා අස්වෙයි

සිංගප්පූරුවේ අගමැති "Lee" යුගය අවසන් කරමින් ඉල්ලා අස්වෙයි

සිංගප්පූරුවේ අගමැති "Lee" යුගය අවසන් කරමින් ඉල්ලා අස්වෙයි

සිංගප්පූරුවේ දීර්ඝ කාලයක් අගමැති ධුරයේ කටයුතු කළ ලී සියෙන් ලූන්ග් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ඔහුගේ දේශපාලන යුගයේ අවසානය සනිටුහන් කරමින්.

වසර 20ක බලයෙන් පසු, ලී මහතා (15) නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍ය ලෝරන්ස් වොන්ග් වෙත නිල වශයෙන් පාලනය භාර දෙන බව සඳහන්.

1965දී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූදා සිට සිංගප්පූරුවට සිටියේ අගමැතිවරු තිදෙනෙක් පමණයි. ඒ තිදෙනාම පාලක මහජන ක්‍රියාකාරී පක්ෂයෙන් (PAP) එනම් ලී මහතාගේ පක්ෂයෙන් තේරී පත්වූ අයයි.

පළමුවැන්නා වූයේ නූතන සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස ලෙස සැලකෙන සහ වසර 25ක් රට මෙහෙයවූ ලී මහතාගේ පියා වන ලී ක්වාන් යූ මහතායි.

පසුගිය සති අන්තයේ අගමැති ලෙස ඔහු දේශීය මාධ්‍ය සමග අග්‍රාමාත්‍යවරයා වශයෙන් එක්වූ අවසන් සම්මුඛ සාකච්ඡාවේදී සිංගප්පූරු වැසියන්ගේ සහයෝගයට ස්තූති කර තිබෙනවා.

ලී මහතා 1984දී පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස දේශපාලනයට එක් වූයේ ඔහුගේ පියා බලයේ සිටියදීයි.

ඔහු 2004 දී සිංගප්පූරුවේ නායකත්වය ගැනීමට පෙර සිංගප්පූරුවේ දෙවන අගමැති ගෝ මහතා යටතේ ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට කටයුතු කළා.

ඔහු බලයට පත්වූ පසු ඔහුගේ අධීක්ෂණය යටතේ, සිංගප්පූරුවේ ආර්ථිකය විවිධාංගීකරණය වී වර්ධනය වුණා. සිංගප්පූරුව ජාත්‍යන්තර මූල්‍ය බලාගාරයක් සහ ඉහළම සංචාරක ගමනාන්තයක් බවට පරිවර්තනය වුණා. එහි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසර 20 තුළ දෙගුණයකටත් වඩා වැඩි වී තිබෙනවා. ගෝලීය මූල්‍ය අර්බුදය සහ කෝවිඩ් වසංගතය හරහා රට නිසි ලෙස මෙහෙයවීම සම්බන්ධයෙන් ලී මහතාගේ රජයට ගෞරවය හිමි වන බව බොහෝ දෙනාගේ මතයයි.

ඒ අනුව දශක දෙකකට වැඩි කාලයක් සිංගප්පූරුවේ නායකයා ලෙස ලී මහතා සිය සලකුණ තබා මෙලෙස එරට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Exit mobile version