Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යෑමේ අවස්තාව ශ්‍රී ලාංකීකයෙකුට

ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යෑමේ අවස්තාව ශ්‍රී ලාංකීකයෙකුට

ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලාංකීකයෙකු වන තර්ෂන් සෙල්වරාජාට හිමිව තිබේ.

සාමාන්‍ය පුරවැසියන්ගේ සිට ප්‍රභූවරුන් දක්වා 10,000 කට පමණ පිරිසකට රට පුරා, එහි රිලේ කොටසක් සඳහා ගිනිසිළුව සහිත පන්දම රැගෙන යෑමේ අවස්තාව හිමිවන අතර ඒ අනුව ශ්‍රී ලාංකිකයෙකු වන තර්ෂන් සෙල්වරාජාටද මෙකී අවස්ථාව හිමි ඇත.

මේත් සමඟින් මෙම ගිනිසිළුව රැගෙන යෑමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ලාංකිකයා ලෙසයි තර්ෂන් ඉතිහාසයට එක්වේ.

ශ්‍රී ලංකාවේ උපන් දැනට පැරීසියේ ජීවත් වන තර්ෂන් සෙල්වරාජා වෘත්තියෙන් බේකරි හිමිකරුවෙක් වන අතර පැරීසිය පුරාම ප්‍රසිද්ධත්වයට පත්ව ඇත්තේ ඔහු නිෂ්පාදනය කරන තුනී පාන් විශේෂයක් වන baguette හේතුවෙනි.

ප්‍රංශයේ රජ මැදුරට වාර්ෂිකව baguette ලබා දෙන්නා වන්නේද තර්ෂන්ය.

ප්‍රංශයේ පැරිස් නුවර පැවැති ‘Grand Prix de la Baguette de Traditional Francaise de la Ville De Paris’’ නම් තරගයෙන් ජය ගැනීම සමඟ හොඳම පැරිසියානු baguette යන කීර්තිමත් නාමය හිමිකර ගැනීමට ඔහු සමත් වූයේය.

තමාට ලැබුන මේ අවස්ථාව ගැන තර්ෂන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කර තිබුණි.

“මේක පුදුම සහගත දෙයක් මට. මේ වෙනුවෙන් මාව තෝරගත්ත එකට ස්තූතියි. ඔලිම්පික් කමිටුවේ හිටිය ක්‍රීඩා අමාත්‍යවරයා තමා මාව තෝරගෙන තිබුණේ. මේ ගැන හිතුවාම ගොඩාක් සතුටයි. ප්‍රංශයේ දහස් ගණන් ජනතාවක් ඉන්නවා. මම ගොඩාක් වාසනාවන්තයි මේ අවස්ථාව ලැබුණ එකට. කොහෙදී ද ගිනි සිළුව මට ලැබෙන්නේ කියලා මම දන්නේ නැහැ. නමුත් ජූලි මස 15වැනිදා ගිනි සිළුව පැරිසියට එනවා.”

Exit mobile version