Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බිළිඳුන් දන්දීම හා ගබ්සා කිරීම් ඉහළට

බිළිඳුන් දන්දීම, ගබ්සා කිරීම් ඉහළට

බිළිඳුන් දන්දීම, ගබ්සා කිරීම් ඉහළට

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් මවුපියන් බිළිඳු දරුවන් වෙනත් පුද්ගලයන්ට දරුකමට හදා ගැනීම සඳහා ලබාදීම වැඩිවී ඇතැයි වාර්තාවේ.

සාමාන්‍යයෙන් වසරකදී දරුවන් 1700ක් පමණ එසේ දරුකමට හදා ගැනීම සඳහා වෙනත් පුද්ගලයන්ට ලබා දෙන බව රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල්(සිවිල් ලියාපදිංචි කිරීම්) නීතිඥ ලක්ෂිකා ගනේපොළ මහත්මිය පැවසුවාය.

ඉන් දරුවන් සැලකිය යුතු පිරිසක් ලබාදි ඇත්තේ විදේශිකයන්ටය.

මවුපියන් දරුවන් වෙනත් පුද්ගලයන්ට ලබාදීමේදී ඒ පිළිබඳ තොරතුරු රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට ලබාදිය යුතුවේ. මෙම කරුණු පෙනී ගොස් ඇත්තේ එම දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරු විශ්ලේෂණයේදීය.

ආර්ථික ප්‍රශ්න, අනියම් සබඳතා වැනි සමාජීය ප්‍රශ්න දරුවන් දරුකමට හදා ගැනීම සඳහා වෙනත් පුද්ගලයන්ට ලබාදීම වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන බව සමාජ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

එසේම රටේ ගබ්සා කිරීම්ද සැලකිය යුතු ලෙස වැඩිවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

Exit mobile version