Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පළමු කාර්තුවේ රාජ්‍ය ආදායම කෝටි 83,400ක්

වසරේ මුල් මාස 11 දී රාජ්‍ය ආදායම රු. බිලියන 4,900 ඉක්මවයි

වසරේ මුල් මාස 11 දී රාජ්‍ය ආදායම රු. බිලියන 4,900 ඉක්මවයි

මෙම වසරේ (2024) පළමු මාස 3 තුළ රාජ්‍ය ආදායම අපේක්‍ෂිත ඉලක්කය ඉක්මවා ඇති බවත් එම මාස තුන තුළ රුපියල් කෝටි 83,400ක ආදායමක් ලබා ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පළමු මාස තුළ අපේක්‍ෂිත ආදායම රුපියල් කෝටි 78,700ට වඩා සියයට 6ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් එම කාලය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 38,100ක්, සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 5,100ක් සහ රේගු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 35,300ක් උපයා ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

Exit mobile version