Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කර්මාන්තශාලා 20,000ට වැඩි සංඛ්‍යාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලියාපදිංචි ගාස්තු ගෙවා නෑ

කර්මාන්තශාලා 20,000ට වැඩි සංඛ්‍යාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලියාපදිංචි ගාස්තු ගෙවල නෑ

කර්මාන්තශාලා 20,000ට වැඩි සංඛ්‍යාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලියාපදිංචි ගාස්තු ගෙවල නෑ

දිවයින පුරා කර්මාන්තශාලා විසි දාහකට වැඩි සංඛ්‍යාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලියාපදිංචි ගාස්තු ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

දිස්ත්‍රික් කර්මාන්තශාලා ඉංජිනේරු කාර්යාලයේ පවත්වාගෙන ගිය ගොනු 32948කින් 2022 වර්ෂය අවසාන වනවිට නව නීති අනුව ලියාපදිංචිවූ සංඛ්‍යාව 3153ක් බවද එම වාර්තාවේ දැක්වේ.

මෙම ගණනය කිරීම කර ඇත්තේ කර්මාන්ත ශාලාවක අවම ලියාපදිංචි ගාස්තුව රුපියල් දහසක් ලෙස ගණනය කරමින් බව කියති.

සාමාන්‍යයෙන් කර්මාන්තශාලා අයිතිකරුවන් 2019 සැප්තැම්බර් 27 දිනැති අංක 2142/90 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ විවිධානවලට අනුකූලව ලියාපදිංචි විය යුතු බව පැවසේ.

මේ අතර කර්මාන්තශාලා ආඥා පනතේ විධිවිධානවලට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් නඩු පැවරීමට 2010- 2018 කාල සීමාවේදී ගොනු පනස් දෙකක් ලැබී තිබූ නමුත් ඉන් නඩු පවරා තිබුණේ ගොනු එකොළහකට පමණක් බව ද ජාතික විගණන කාර්යාලය පවසයි.

Exit mobile version