Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තාවකාලිකව රට තුළ ජීවත් වන පිරිස අඩු කිරීමට කැනඩාවෙන් තීරණයක්

තාවකාලිකව රට තුළ ජීවත් වන පිරිස අඩු කිරීමට කැනඩාවෙන් තීරණයක්

තාවකාලිකව රට තුළ ජීවත් වන පිරිස අඩු කිරීමට කැනඩාවෙන් තීරණයක්

තාවකාලික පදනම මත තම රට තුළ ජීවත් වන පිරිස අඩු කිරීමට කැනඩාව තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එසේම තාවකාලිකව කැනඩාවේ පදිංචිව සඳහා පැමිණෙන පිරිස ඉතිහාසයේ පළමු වතාවට සීමා කිරීමට එරට රජය සැලසුම් කර තිබේ.

කැනඩාවේ සංක්‍රමණික කටයුතු පිළිබඳ අමාත්‍ය මාක් මිලර් (21) මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ එළැඹෙන වසර තුන ඇතුළත සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට කටයුතු කරන බවත් එහි පළමු සීමා කිරීම සැප්තැම්බර් මාසයේ දී ආරම්භ කරන බවත්ය.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ නිවාස හිඟයට පිළියමක් ලෙස සහ අත්‍යවශ්‍ය සේවා සැපයීමේදී මතුව ඇති ගැටලු සමනය කර ගැනීමටත් බව සඳහන්ය.

විශේෂයෙන්ම සමහර ප්‍රාන්ත වල ජනගහණය වැඩිවීම හේතුවෙන් සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල දැඩි අර්බුද මතුව ඇති බව වාර්තා වෙයි.

2023 වසර වනවිට කැනඩාව තුළ තාවකාලික පදනම මත මිලියන 2.5ක පිරිසක් ජීවත් වෙමින් සිට ඇති අතර ඉන් 20%ක් පමණ අඩු කිරීමට බලධාරීන් සැලසුම් කරයි.

එම සීමා කිරීම් ජාත්‍යන්තර සිසුන්ට සහ විදෙස් සේවකයින්ට මෙන්ම සරණාගතයින්ටද අදාළ බව ඔහු පවසා ඇත.

පසුගිය වසර කිහිපය ඇතුළත සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාවේ කැපීපෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණ බවත් එබැවින් කැනඩාවට පැමිණෙන තාවකාලික පදිංචිකරුවන්ගේ තිරසාර අභිවෘද්ධියක් සහතික කිරීම සඳහා මෙම පියවර ගන්නා බවත් ඔහු පවසා තිබේ.

මේ වන විට කැනඩාවේ පවතින ශ්‍රමක හිඟය පිරවීම තාවකාලික විදේශ ශ්‍රමිකයින්ගේ මත රඳා පවතින නමුත් එහි වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

Exit mobile version